ටෝකියෝහි අධික ජනගහනය අවම කිරීමට රජයෙන් සැලැස්මක්


රජය විසින් ඊයේ(16) නව පස් අවුරුදු කලාපීය පුනර්ජීවන සැලැස්මක් නිකුත් කර තිබේ.

.

2027 වර්ෂය අවසන් වන විට ගම්බද ප්‍රදේශවල සිට අගනගර ප්‍රදේශයට ජනතාව සංක්‍රමණය වීම අවම කිරීම ජපානයේ අරමුණ බව රජය විසින් ඊයේ(16) නිකුත් කරන ලද නව පස් අවුරුදු කලාපීය පුනර්ජීවන සැලැස්ම පෙන්නුම් කරයි.

මෙම සැලැස්මට ප්‍රාදේශීය ප්‍රදේශවල පහසුකම් වැඩි දියුණු කරමින් තරුණ පරම්පරාව ගම්බද පෙදෙස්වලට ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමෝපායන් රැසක් ඇතුළත් වේ.

ඒ යටතේ නාගරික ප්‍රදේශවලින් පිටත වැඩි රැකියා අවස්ථා ඇති කිරීම සඳහා සංචාරක, ගොවිතැන් සහ ධීවර කර්මාන්ත පුනර්ජීවනය කිරීමට මෙන්ම ව්‍යවසායකත්වයට සහාය වීමට ද රජය කටයුතු කරනු ඇත.

 

 

 

 

 

131 Views

Comments