කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකුට පහරදුන් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට


Pachinkoහි සමාජ ශාලාවකදී මෙම පහරදීම සිදුව ඇත.

.

Pachinkoහි සමාජ ශාලාවකදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකුට පහරදී තුවාල සිදු කළ බවට Mie ප්‍රාන්ත පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව Mie ප්‍රාන්ත පොලිසිය විසින් අදාල සැරයන්වරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඔහුගේ වැටුපෙන් 10%ක් මාස 6ක කාලයක් දක්වා අඩු කළේය.  

කෙසේවෙතත් Mie ප්‍රාන්ත පොලිසිය සිද්ධිය පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේ මෙය ප්‍රාන්තයේ පුරවැසියන්ගේ විශ්වාසය බෙහෙවින් පළුදු කරන ක්‍රියාවක් බැවින් ඔවුන් ප්‍රාන්ත පුරවැසියන්ගෙන් සමාව අයදින බවයි.

 

159 Views

Comments