ලබන වසරේ පෙබරවාරි 23 වන දිනට යෙදෙන ජපන් අධිරාජ්‍යයාගේ උපන්දිනය වෙනුවෙන් ඉම්පීරියල් මාලිගයට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව සීමා කරන බව ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය නිවේදනය කර ඇත.
අධිරාජ්‍යයාගේ උපන්දින උත්සවය සඳහා 1500ක් පමණ බඳවා ගනු ලබන අතර අයදුම්පත් යොමු කිරීම සඳහා අවසාන දිනය 2018 ජනවාරි 6 වේ.
අයදුම්පත් මාර්ගගතව හෝ තැපැල්පත් මගින් යොමුකළ හැකි අතර වැඩි විස්තර ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සියේ වෙබ් අඩවියේ අද(19) පෙරවරු 9.00ට පළ කෙරේ.