ලී කුට්ටියකින් පුද්ගලයෙකුට පහර දුන් අයෙක් අත්අඩංගුවට


සැකකරු 47 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

38 හැවිරිදි පුද්ගලයෙකුගේ හිසට ලී කුට්ටියකින් පහරදීම සම්බන්ධයෙන් 47 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු හිරෝෂිමා ප්‍රාන්තයේ කුරේ හි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා(19) රාත්‍රී 9 ට පමණ මෙම පුද්ගලයින් දෙදෙනා මත්පැන්හලක මත්පැන් පානය කර ඇති අතර ඔවුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැකකරු විසින් අනෙක් පුද්ගලයාගේ හිසට හතරැස් ලී කුට්ටියකින් කිහිප වතාවක් පහර දී ඇති බව පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

136 Views

Comments