දිවා සුරකුම් මධ්‍යස්ථාන වලදී මුඛ ආවරණ පැළඳිය යුතුයි


පසුගිය සිකුරාදා දින ජපන් රජයේ විශේෂ කමිටුවක් මගින් නිර්දේශ කළ පරිදි සියලුම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන

.

පසුගිය සිකුරාදා දින ජපන් රජයේ විශේෂ කමිටුවක් මගින් නිර්දේශ කළ පරිදි සියලුම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුළදී මුඛ ආවරණ පැළඳිය යුතුවේ. එම මධ්‍යස්ථාන ලමුන් අතර එම ඔමික්‍රෝන් වෛරසය පැතිර යාමේ වේගය හැකි පමණ අවම කිරීමට මෙම යෝජනාව සිදුකර ඇත. පෙරදී වයස අවුරුදු දෙකට වඩා වැඩි සියලුම දරුවන් මුඛ ආවරණ පැළඳිය යුතු යැයි නියමයක් තිබුණද දරුවන් අතර පවතින ඇතැම් ස්වසන අපහසුතා හේතුවෙන් නිශ්චිත වයසක් ඒ සඳහා නිර්දේශ කිරීම අත්හැරදැමූනි.

 

කෙසේ නමුත් දිවා සුරකුම් මධ්‍යස්ථාන වල සිටින දරුවන් හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැළඳිය යුතු බවත් දැඩි අසනීපයක් හෝ ස්වසන ආබාධයක් දැනෙන අවස්ථාවකදී එම ආවරණ පැළඳීම අනවශ්‍ය යයි එම කමිටුව නිර්දේශ කර තිබේ.

148 Views

Comments