වැරදි දිශාවකට මෝටර් රථය ධාවනය කල පොලිස් පරීක්ෂකට අවවාද


ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් 41 හැවිරිදි සහකාර පොලිස් පරීක්ෂකවරයෙකුට මෙසේ අවවාද කර ඇත.

.

මුර සංචාරයේ යෙදුණු මෝටර් රථයක් වැරදි දිශාවකට ධාවනය කිරීම සම්බන්ධයෙන් ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් යොඩෝගාවා පොලිස් ස්ථානයේ ප්‍රාදේශීය කොට්ඨාශයේ 41 හැවිරිදි සහකාර පොලිස් පරීක්ෂකවරයෙකුට අවවාද කළේය. 

ප්‍රාන්ත පොලිසියට අනුව පස්වරු 4:00 ට පමණ ඕසකා හි යෝඩෝගාවා wardහි මුර සංචාරයේ යෙදී සිටියදී අදාල සහකාර පොලිස් පරීක්ෂකවරයා වැරදි දිශාවකින් රිය පදවා තිබේ.

පසුව ඒ පිලිබඳ පසක් වූ ඔහු එය හදිසි ධාවනයක් බව අඟවමින් රතු ලාම්පු දල්වා සයිරන් නාද කරමින් සැකකටයුතු පුද්ගලයකු පසුපස හඹා යන්නාක් මෙන් මෝටර් රථය ධාවනය කර ඇත.

පසුව වාහනයේ තිබූ කැමරාවේ පටිගත වූ වීඩියෝවද මකා දමා ඇත.

 

117 Views

Comments