Toshiko Abeගේ කාර්යාල සේවකයෙකු කතක් අනතුරට ලක් කර පලා යයි


පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ සාමාජික Toshiko Abeගේ කාර්යාලයේ සේවය කරන 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කාර්යාල මෝටර් රථයෙන් වයෝවෘද්ධ කාන්තාවක් අනතුරට ලක් කර පලාගොස් ඇත.

අනතුරින් පසු ඔහු එය කිසිවෙකුටත් වාර්තා නොකර වාහනය යලි කාර්යාලයටද භාරදී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් අනතුරට ලක්වූ කාන්තාව මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

 

185 Views

Comments