Noshiro වරායේ නව සුළං බලාගාරයක් ඉදිකෙරේ


Marubeni සංස්ථාව ඒ පිලිබඳව අද(22) නිවේදනය කළේය. 

.

අකිටා ප්‍රාන්තයේ Noshiro වරායේ සුළං බලාගාරයක් ආරම්භ කල බව Marubeni සංස්ථාව අද(22) නිවේදනය කළේය.  

අකිටා ප්‍රාන්තයේ Akita වරායේ ද මෙවැනිම බලාගාරයක් ඉදිකර ඇති අතර එහි අත්හදා බැලීමේ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක වේ.

ජපානයේ වරායක මෙලෙස වාණිජමය වශයෙන් මහා පරිමාණයෙන් මුහුදු සුළං බලශක්ති නිෂ්පාදනයක් ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රථම වතාවටයි.

මෙය Obayashi Corporation සහ Tohoku Electric Power Co., Ltd එක්ව ප්‍රවර්ධනය කර ඇති අතර Noshiro වරායේ සුළං ටර්බයින 20 ක් සහ අකිටා වෙරළට ඔබ්බෙන් සුළං ටර්බයින 13 ක් ස්ථාපිත කර ඇත.  

මෙමගින් නිපදවන සමස්ත විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 140ක් පමණ වන අතර එය සාමාන්‍ය නිවාස 130,000කට පමණ විදුලිය ලබාදීමට සෑහේ.

99 Views

Comments