අරුබයිතෝ හෙවත්  ජපානයේ part time jobs


බොහෝවිට ජපානයට අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන්  අර්ධ කාලීන රැකියා සඳහා යොමු වීමේ ඉඩකඩ වැඩිය. පහත

.

බොහෝවිට ජපානයට අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන්  අර්ධ කාලීන රැකියා සඳහා යොමු වීමේ ඉඩකඩ වැඩිය. පහත දැක්වීමට යන්නේ ජපානය තුළ නිරත විය හැකියි part time jobs   නැතහොත් අරුබයිතෝ කිහිපයක් පිළිබඳවයි 

 

1.කොන්බිනි

 

කොන්බිනි යනු ජපානයේ පැය 24 පුරාවටම විවෘතව convenient  shops, seven eleven, lawson සහ family mart ය. මෙවැනි වෙළඳසැල් තුළ රැකියා කිරීමට නම්  ජපන් බස සාමාන්‍ය තරමටවත්  කතා කිරීමට හැකි විය යුතුයි

 

2.restaurants 

 

බොහෝ දෙනෙක්ට පහසුවෙන් සොයාගත හැකි අර්ධකාලීන රැකියාවක් මේ. ජපන් බස ඉතා හොඳින් හැසිරවිය හැකි පුද්ගලයන් හෝල් වල ද  මදක් හැසිරවිය හැකි අයවලුන් මුළුතැන් ගෙවල් වලට ද මෙහිදී යොමු කරයි.

 

3. Macdonalds 

 

ඕනෑම පුද්ගලයෙක්   ඉතාම හොඳින් දන්නා සුප්‍රසිද්ධ අවන්හලක් වන මෙහි ලාංකිකයන් මෙන්ම විදේශිකයන් ද අර්ධ කාලීන රැකියාවල නියුක්ත වේ.

 

4.Hotels

 

hotels වල රැකියා ලෙස බොහෝ විට ලැබෙන්නේ පිරිසුදු කිරීමේ කාර්යයන් වන අතර ඒ සඳහා වැඩි ජපන් භාෂා දැනුමක් අවශ්‍ය නොවේ.

 

5. යමතෝ / බෙන්තො

 

බොහෝවිට ජපන් භාෂාව දැනුම සෑහෙන අඩු  පුද්ගලයන්ට පහසුවෙන් සොයාගත හැකි අර්ධකාලීන රැකියාවකි. ලොරි වලට බඩු පැටවීම  සහ ජපානයෙ කෑම පෙට්ටි සෑදීම  වැනි රැකියා මේ යටතේ ඇත.

 

6. යසයි නිකූ කයිශා

 

මෙම ස්ථානවල වැඩිපුර  ඇත්තේ  එළවළු හෝ මස් වර්ග කැපීම හා ඇසිරීමේ කාර්යයන්ය.

Comments