එන්නත්කරන මධ්‍යස්ථානයකට කඩා වැදුණු පිරිසකට වැඩ වරදී


මෙම පිරිස දිගුකලක් තිස්සේ කොවිඩ්-19 එන්නත් වලට එරෙහිව ව්‍යාපාරයක් දියත් කරමින් සිටියි.

.

Covid-19 එන්නත්කරන මධ්‍යස්ථානයකට කඩා වැදී කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු COVID-19 එන්නත් වලට දැඩි ලෙස විරුද්ධ වන YamatoQහි සාමාජිකයන් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ඊට අදාල නඩුව ටෝකියෝ දිස්ත්‍රික් උසාවිය හමුවේ කැඳවූ අවස්ථාවේදී එහි සාමාජිකයෙකු වන Hiroyuki Kuraoka හට වසර තුනක අත්හිටුවන ලද සිර දඬුවමක් සහ මාස 18 ක සිරදඬුවමක් නියම කරන ලදී.  

එමෙන්ම YamataoQහි තවත් සාමාජිකයන් දෙදෙනකුට වසරක සිරදඬුවමක් ද අනෙක් දෙදෙනාට මාස 10 ක සිරදඬුවමක් ද නියම කෙරුණු අතර ඒ සියල්ලන්ටම වසර තුනක වැඩ තහනමක් ද නියම විය.

මෙම කණ්ඩායම දිගුකලක් තිස්සේ කොවිඩ්-19 එන්නත් වලට එරෙහිව ව්‍යාපාරයක් දියත් කරමින් සිටියි.

69 Views

Comments