ජීවන ගීය ගයා නිමකළ භාරත කෝකිලාවිය...


ඉන්දියානු සංගීතයේ තරු ලකුණ ලෙස විරුදාවලි ලත් භාරතයේ ගීත කෝකිලාවිය ...

.

ඉන්දියානු සංගීතයේ තරු ලකුණ ලෙස විරුදාවලි ලත් භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මහත්මිය අද දින නවදිල්ලි හි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 92 හැවිරිදි වියේ පසුවූ ඒ මහත්මිය ඉන්දියානු  සිනමාවට දායාද කළ ගීත ප්‍රමාණය 10000කට ආසන්න බව කියැවේ. කීප වතාවක් ප්‍රසංග වෙනුවෙන් ජපානයට ද පැමිණ ඇති ඒ මහත්මිය ඒ සෑම අවස්ථාවකදීම  ජපානයේ වෙසෙන ඉන්දියානු ජනයාගේ සුව දුක් විමසීමට අමතක නොකළ බවද පැවසේ. ඇගේ අවසන් කටයුතු ඉන්දියානු රජයේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට කටයුතු යොදා ඇති බව සැලවේ.

Comments