Toshihiro Nikaiගෙන් සැර ප්‍රකාශයක්


ඔහු කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය බවට කටකතාවක් පැතිර ගොස් තිබුණා.

.

ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ හිටපු මහලේකම් Toshihiro Nikai මහතා පසුගිය නොවැම්බර් මස මුලදී කොවිඩ් වෛරසය ආසාදනය වී මිය ගිය බවට නාගටාචෝ නිලධාරීන් අතර කටකතා පැතිර ගියේය.  

ඒ අනුව TBS CS වැඩසටහනකදීද ඔහු මියගිය බවට පුවතක් ප්‍රචාරය වී තිබුණා.

කෙසේවෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ඊයේ(23) ප්‍රකාශ කර සිටියේ කිසිවෙකු ඔහුට පහර දී මැරුවේ නැත්නම් තමා මිය නොයන බවයි.

 

117 Views

Comments