ජපානයේ ප්‍රසිද්ධම නත්තල් ආහාරය කුකුලු මස් බව හෙලිවේ


ජපානයේ සියයට 80 කට වැඩි ප්‍රමාණයක් කුකුළු මස් අනුභව කිරීමෙන් නත්තල් සැමරීමට අදහස් කරයි.

.

මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව ජපානයේ සියයට 80 කට වැඩි ප්‍රමාණයක් කුකුළු මස් අනුභව කිරීමෙන් නත්තල් සැමරීමට අදහස් කරන බවත්, බොහෝ දෙනා ඒවා තමන් විසින්ම පිසිනවාට වඩා පිටතින් මිලදී ගැනීමට කැමති බවත් හෙලිවී තිබේ.

නොවැම්බර් 25 සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළ Tokubai වෙබ් අඩවිය භාවිතා කරන්නන් 2,628 දෙනෙකු මෙම සමීක්ෂණයට යොදාගෙන ඇති අතර ඉන් සියයට 22.8ක් බදින ලද මස් අනුභව කිරීමට වඩාත් ප්‍රිය බවද අනාවරණය වී ඇත.

මේ අතර ජනතාවගෙන් සියයට 81.4ක් නත්තල් දින පීසා අනුභවයට ප්‍රිය බවද,  සියයට 33ක් සුෂි අනුභවයට ප්‍රිය බවද මෙමගින් වැඩිදුරටත් හෙලිවී ඇත.

138 Views

Comments