ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිල්ලකට හානි කල සිසුන් තිදෙනෙක් කොටුවේ


සකායි පොලිස් ස්ථානය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

.

ඕසකා ප්‍රාන්ත පොලිසියේ බටහිර සකායි පොලිස් ස්ථානය විසින් ගොඩනැගිල්ලකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 16 හැවිරිදි උසස් පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  

මොවුන් තිදෙනා මෙයිජි යුගයේ ඉදිකරන ලද සංස්කෘතික දේපලක් ලෙස නම් කර ඇති නන්කායි ප්‍රධාන මාර්ගයේ හමදෙරා කෝන් දුම්රිය ස්ථානයේ පැරණි ගොඩනැගිල්ලක කුළුණු දෙකකට පයින් ගසා පහර දී ඒවා කැඩී ගොස් ඇත.  

එමෙන්ම ඔවුන් එය ස්මාට් ජංගම දුරකතනයකින් රූගත කරමින් සිටි බවද පැවසේ.

 

65 Views

Comments