මුණුපුරා යැයි පෙනී සිටිමින් කාන්තාවකගෙන්  මුදල් වංචා කල අයෙක් සොයා පරීක්ෂණ


ඇය අදාල පුද්ගලයාට යෙන් මිලියන 10ක් ලබාදී ඇත.

.

යම්කිසි පුද්ගලයෙකු විසින් මුණුපුරා යැයි පෙනී සිටිමින් කාන්තාවකගෙන්  මුදල් වංචාවක් කල පුවතක් නගෝයා ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලිසියට අනුව එම කාන්තාවට පස්වරු 2.30 ට පමණ මුණුපුරා යැයි පවසමින් පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත.

ඇමතුම්කරු ඔහුට දැඩි ලෙස මුදල් අවශ්‍ය බව කාන්තාවට පවසා ඇති අතර මුදල් ලබා ගැනීමට නීතිඥයෙකු එදින පස්වරුවේ ඇය වෙත පැමිණෙන බවද පැවසීය.

පසුව නීති කාර්යාලයකින් යැයි පවසමින් යම්කිසි පුද්ගලයෙකු ඇයගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇය අදාල පුද්ගලයාට යෙන් මිලියන 10ක් ලබාදී ඇත.

 

124 Views

Comments