දැරියකට යට ඇඳුම් පෙන්වන්නැයි බල කල අයෙක් අත්අඩංගුවට


ඔහු 25 හැවිරිදි Hokkaido Broadcasting Co සමාගමේ සේවකයෙකි.

.

හොක්කයිඩෝ ප්‍රාන්තයේ අසහිකාවා ප්‍රදේශයේ පොලිසිය විසින් නව යොවුන් වියේ ගැහැණු ළමයෙකුට යට ඇඳුම් පෙන්වන ලෙස බලකල බවට සැකපිට 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙසැම්බර් 20 වනදා සවස 4ට පමණ Hokkaido Broadcasting Co සමාගමේ සේවකයෙකු වූ අදාල සැකකරු දැරිය නිවසට යමින් සිටියදී ඇය අසලින් ඔහුගේ මෝටර් රථය නවත්වා දැරියගේ යට ඇඳුම් පෙන්වන ලෙස බලකර ඇත.

පසුව දැරිය දිව ගොස් ඇති අතර ඇය සැකකරුගේ මෝටර් රථයේ අංකය සටහන් කරගෙන ඇත.

ඉන්පසු ඇය සිදු වූ දේ තම දෙමාපියන්ට පැවසූ අතර ඔවුන් පොලිසියට දන්වා ඇත.

සිකුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයා චෝදනාව පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.

80 Views

Comments