ගගනගාමී Koichi Wakata ඇතුළු ජපානය, ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාවේ ගගනගාමීන් සිව් දෙනෙකු රැගත් Crew Dragon අභ්‍යවකාශ යානය ඊයේ(11) සවස 4.20 ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් (ISS) පිටත්වී තිබේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ වූ මාස 5 ක පමණ දිගුකාලීන රැඳී සිටීමෙන් පසුවයි ඔවුන් මෙලෙස නැවත පෘථිවියට පැමිණෙන්නේ.
ඒ අනුව ඔවුන් අද(11) උදෑසන 11.00 ට පමණ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට ගොඩබැසීමට නියමිතය.