දුම්රිය වේදිකාවෙන් වැටී සිසුවෙක් මරුට


Higashi-Washinomiya දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදුව ඇත.

.

අද(25) පෙ.ව. 8:10 ට පමණ Saitama ප්‍රාන්තයේ Kuki නගරයේ Nishidaiwaහි JR Utsunomiya මාර්ගයේ Higashi-Washinomiya දුම්රිය ස්ථානයේ 18 හැවිරිදි උසස් පාසල් සිසුවෙකු වේදිකාවෙන් දුම්රිය මාර්ගයට වැටී මියගොස් තිබේ.

සිසුවා බේරා ගැනීමට උත්සාහ කළ බවට සැලකෙන 54 හැවිරිදි පුද්ගලයෙකු ද හිස් කබල කැඩීම ඇතුළු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.  

JR East හි Omiya ශාඛාව පවසන පරිදි මෙම අනතුරින් පුද්ගලයින් 15,000 ක් පමණ පීඩාවට පත් වූ අතර Utsunomiyaහි ඇතුල්වන සහ පිටතට යන මාර්ග දෙකෙහිම ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇත.

133 Views

Comments