Otawara ගිනි නිවන මධ්‍යස්ථානයේ ගින්නක්


ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

.

ඊයේ(25) අලුයම 3:45 ට පමණ Tochigi ප්‍රාන්තයේ Otawara නගරයේ පිහිටි ගිනි නිවන මධ්‍යස්ථානයේ ගරාජයේ නවතා තිබූ එක් ගිනි නිවන රථයක ගින්නක් හටගෙන ඇත.  

ගිනි නිවන භටයින් විනාඩි 15ක පමණ දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න නිවා දමන ලදී.  

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර ගින්න අනෙකුත් ගිනි නිවන රථ හෝ රජයේ ගොඩනැගිල්ල වෙත පැතිර ගියේ නැත.

ගින්නට හේතුව සොයා ඔටවාර පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වයි.

 

129 Views

Comments