පසුගිය සෙනසුරාදා දින හ්යුගෝ ප්රාන්තයේ Takarazuka ප්රදේශයේ දී හමුවූ නිරුවත් කාන්තා මල සිරුර සම්බන්ධව පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදුකරයි .
පොලිස් ආරංචිමාර්ග වලට අනුව නිසි එදින පස්වරු 3 ට පමණ එම කඳුකර ප්රදේශය ට යමින් සිටි පුද්ගලයකුට මෙම කාන්තා මළ සිරුර හමුවී තිබේ. ඇය වයස අවුරුදු 40ත් 50ත් අතර පමන වයසක පසු වෙතැයි පොලිසිය අනුමාන කරයි.
ඇයට අයත් කිසිම අයිතමයක් මළ සිරුර අවට නො තිබී ඇති අතර සිරුරේ බාහිරෙන් කිසිම තුවාලයක් දක්නට තිබී නැත.කෙසේ වෙතත් මරණයට හේතුව දැනගැනීම පිණිස සදුදා දින මරණ පරීක්ෂණයක් සිදු කරන්නේ යැයි පොලීසිය තවදුරටත් පවසා තිබේ.