ප්‍රසිද්ධ සුමෝ මල්ලවපොර ක්‍රීඩකයෙක්ට තරඟ තහනමක්


ජපාන සුමෝ සංගමය විසින් මෙම තරඟ තහනම පනවා ඇත.

.

සුමෝ මල්ලවපොර ක්‍රීඩක Ichinoshiro Makuuchiට ජපාන සුමෝ සංගමය විසින් තරඟ තහනමක් පනවා ඇත.

ඒ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය සහ සීමාවන් පනවා තිබූ 2020 නොවැම්බර් සහ 2021 අගෝස්තු මාසවලදී දෙවරක් තෝකියෝ හි මොන්ගෝලියානු අවන්හලකට අවසරයකින් තොරව යෑම හේතුවෙනුයි.

ඔහු එහිදී බීමත්ව සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බව සතිපතා සඟරාවක් වාර්තා කිරීමෙන් පසුව සංගමය මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කල අතර ඒ අනුව ඔහුට මෙම විනය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළේය.

ඔහුගේ පුහුණුකරු වන Minato Oyakataද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලද අතර මාස තුනකට ඔහුගේ වේතනය 20% කින් අඩු කරන ලදී.

94 Views

Comments