අගමැති කිෂිඩා Keidanren සමාගමෙහි කාර්ය මණ්ඩල රැස්වීමකට සහභාගි වූ අතර රටෙහි පවතින ආර්ථික තත්ත්වය සහනදායී කරගැනීමට උදව් වන ලෙස ඔහු එහිදී ඉල්ලා සිටියේය.
ඔහු සිය කතාවේදී පැවසුවේ අධික අමුද්‍රව්‍ය මිල හේතුවෙන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් පීඩනයට ලක්ව ඇති හෙයින් ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා රජය සමග පෞද්ගලික ව්‍යාපාර එක්ව කටයුතු කල යුතු බවයි.
මේ අනුව ලබන වසරේ ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කෙරෙන කළමනාකරණ සහ කම්කරු ප්‍රතිපත්ති පිළිබඳ විශේෂ කමිටු වාර්තාව මගින් මූලික වැටුප් ඉහළ නැංවීම පිළිබඳව සලකා බැලීමට Keidanren සමාගම එකඟ වී තිබේ.