ළමා හිංසනයට අත්අඩංගුවට ගත් ගුරුවරු තිදෙනා නිදහස්


මෙම පුද්ගලයන් තිදෙනා පසුගිය 4 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

.

Shizuoka දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලයේ Numazu ශාඛාව විසින්  Shizuoka ප්‍රාන්තයේ Susono නගරයේ Sakura ළදරු පාසලේ දරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරුන් තිදෙනා නිදහස් කරන ලදී.  

දැරියකගේ මුහුණට පහරදීම, පිරිමි ළමයෙකු උඩු යටිකුරු කර එල්ලීම සහ පිරිමි ළමයෙකුගේ හිසට පහරදීම සම්බන්ධයෙන් සැකපිට මෙම පුද්ගලයන් තිදෙනා පසුගිය 4 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් තිදෙනාගේ නුසුදුසු ක්‍රියා 16 ක් තහවුරු කර ඇති බවත් සිද්ධිය සම්පූර්ණයෙන්ම විමර්ශන කර අවසන් වූ පසු දඬුවම් නියම කරන බවත් Numzu ශාඛාව නිවේදනය කර තිබේ.

 

110 Views

Comments