ලබන වසරේ මහමැතිවරණයක්?


අගමැති කිෂිඩා රජය විසුරුවා හැර ලබන වසර මුලදී මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ඉඟියක් දී ඇත.

.

බදු වැඩිකිරීමේ ක්‍රියාවලියට පෙර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණය නුදුරේදීම පවත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව අගමැති කිෂිඩා ඊයේ(27) BS-TBSහි වැඩසටහනකදී පැවසීය. 

2024 සහ 2027 අතර සුදුසු කාලයකදී බදු වැඩි කිරීම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති අතර එය සිදුකරන්නේ කවදාද යන්න ඔවුන් තීරණය කර නොමැති බවත් ඊට පෙර මැතිවරණයක් පවත්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ඔහුගේ ධූර කාලය 2023 ඔක්තෝම්බර් මාසයේදී අවසන් වේ.

ඒ අනුව ඔහුගේ මෙම ප්‍රකාශය රජය විසුරුවා හැර ලබන වසර මුලදී මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ඉඟියක් ලබා දෙයි.

82 Views

Comments