රෝගියෙකුට පහර දුන් රෝහල් හෙදියන් දෙදෙනෙකු ඇතුලු 4කට වැඩ වරදී


Shizuoka ප්‍රාන්තයේ Numazu නගරයේ මනෝචිකිත්සක රෝහලක මෙය සිදුවී ඇත.

.

Shizuoka ප්‍රාන්තයේ Numazu නගරයේ මනෝචිකිත්සක රෝහලක් වන Fureai Numazu රෝහලේ හෙදියන් දෙදෙනෙකු සහ උපස්ථායකයින් දෙදෙනෙකු විසින් එහි නේවාසික රෝගියෙකුට පහර දී ඇත.

මේ හේතුවෙන් අදාල පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව රෝහල් බලධාරීන් ඊයේ(27) පැවසීය.

නිලධාරීන් පවසන පරිදි 2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු දක්වා කාලය තුළ නේවාසික රෝගීන් ශබ්ද නගන විට අදාල හෙදියන් දෙදෙනා සහ උපස්ථායකයින් දෙදෙනා රෝගීන්ගේ කටේ ප්ලාස්ටර් අලවා ඇති බවද පැවසේ.  

109 Views

Comments