ජපානයේ ඉන්ෆ්ලුවන්සා පැතිරීම ඉහළට


මේ බව සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය ඊයේ(28) නිවේදනය කළේය.

.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය රටපුරා පැතිර ගොස් ඇති බව සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය ඊයේ(28) නිවේදනය කළේය. කොරෝනා වයිරසයෙන් වසර තුනකට පසු රටපුරා ඇතිවූ පළමු වසංගතය මෙයයි.

සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශයට අනුව මේ මස 25 වැනිදායින් අවසන් වූ සතිය තුළ රට පුරා ස්ථාවර වෛද්‍ය ආයතන 5,000කින් පමණ ඉන්ෆ්ලුවන්සා රෝගීන් 6,103ක් වාර්තා වී ඇත.  

මේ හේතුවෙන් සුදුසු මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම වැනි මූලික ආසාදන පාලන පියවරයන් අනුගමනය කරන්නැයි වෛද්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

131 Views

Comments