LDP හි මැතිවරණ සාර්ථකත්වය සාදරයෙන් පිළිගත් ජපාන ව්‍යාපාරික නායකයෝ


LDP පක්ෂය විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් ලබයි

.

අග්‍රාමාත්‍ය Fumio Kishida ගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පාලක පක්ෂය ජුලි 10 දින පැවැති මැතිවරණයෙන් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වූ අතර, රටේ අවධානය යොමු කළ යුතු ගැටළු සම්බන්ධයෙන් වත්මන් අග්‍රාමාත්‍යවරයා කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ඇතැයි යන ඉහළ අපේක්ෂාවන් මධ්‍යයේ ජපානයේ ව්‍යාපාරික නායකයින් විසින් අලුතින් තේරී පත්වූ පාලකයන් සාදරයෙන් පිළිගැනීම සිදු කළහ. 

 

"පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය සහ එහි සන්ධාන හවුල්කරු ලෙස ක්‍රියා කළ Komeito විසින් ලබාගත් මැතිවරණ ප්‍රතිඵලය මගින් ජාතිය දැනට මුහුණ දී සිටින අභියෝගාත්මක ආර්ථික හා ජාත්‍යන්තර දේශපාලන තත්වයන් විසඳීමට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය සපයන බව මෙන්ම මෙම මැතිවරණ ප්‍රතිඵලය ජනතාව ස්ථායිතාව තෝරා ගත් අවස්ථාවක් ලෙස සලකන බැවින් මෙවර ප්‍රතිඵලය අපි සාදරයෙන් පිළිගනිමු " යනුවෙන් ජපාන ආයතනික විධායකයින්ගේ සංගමයේ සභාපති සහ Keizai Doyukai සංවිධානයේ නියෝජිතයකු වන Kengo Sakurada නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය . 

 

ජපානයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති Akio Mimura මෙහිදී සදහන් කළේ" Tokyo මෑතකදී විදුලි අර්බුදයකට මුහුණ දුන් නිසා ඉදිරියේදී ස්ථාවර බලශක්ති සැපයුමක් සහතික කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතරම, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සමාගම් සහ දේශීය ආර්ථිකයන් සඳහා වන රාජ්‍ය සහාය Kishida විසින් ශක්තිමත් කරනු ඇතැයි තම සංවිධානය බලාපොරොත්තු වන බවයි."

 

LDP සහ එහි සන්ධාන හවුල්කරු වූ Komeito මෙවර මන්ත්‍රීවරුන් 248කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ඔවුන්ගේ බහුතරය පුළුල් කර ගැනීම සඳහා ආසන 125කින් 63කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වූ අතර මානව ප්‍රාග්ධනයේ ආයෝජන වැඩි කිරීමට, මූල්‍ය ප්‍රතිෂ්ඨාපනයෙන් පසු ආර්ථික වර්ධනය සහතික කිරීමට, භාණ්ඩ හා බලශක්ති මිල ඉහළ යාමට එරෙහිව නම්‍යශීලී පියවර ගැනීමට LDP මෙහිදී ප්‍රතිඥා දී ඇති බව වාර්තා වේ.

112 Views

Comments