පොලිස් නිලධාරියකුගේ සටහන් පොත අස්ථානගත වෙයි


ඔහු Kanagawa ප්‍රාන්ත පොලිසියේ 2 වැනි අපරාධ විමර්ශන කොට්ඨාශයේ සේවය කරන නිලධාරියෙකි.

.

Kanagawa ප්‍රාන්ත පොලිසියේ 2 වැනි අපරාධ විමර්ශන කොට්ඨාශයේ සේවය කරන වයස අවුරුදු 40 ක පොලිස් නිලධාරියකුගේ පොලිස් සටහන් පොත නැතිවී ඇති බව වාර්තා වේ.

අදාල පොලිස් නිලධාරියා මේ මස මුලදී බීමත්ව දුම්රියක නිදා සිටියදී ඔහුගේ පොලිස් සටහන් පොත සහ මුදල් පසුම්බිය අඩංගු බෑගය සොරකම් කර ඇත. එය දින කිහිපයකට පසුව සොයාගෙන ඇති අතර එය මෙතෙක් අවභාවිත කර ඇති බවට වාර්තා වී නැත.

පොලිස් නිලධාරියාට එරෙහිව ගනු ලබන විනය ක්‍රියාමාර්ගය පිලිබඳ ඉදිරියේදී සලකා බලන බව ප්‍රාන්ත පොලිසිය වැඩිදුරටත් පවසා ඇත.

 

113 Views

Comments