ලෝ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු අභාවප්‍රාප්ත වෙයි


මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවිය.

.

ලෝ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ විචාරකයෙකු වූ Arata Isozaki පසුගිය 28 වෙනිදා නාහා හි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවිය.

ඔහුගේ අවසන් කටයුතු ඔහුගේ ළඟම ඥාතීන් විසින් සිදු කරනු ලැබීය.

ඔයිටා නගරයේ උපත ලද ඔහුට 2019 දී "ගෘහ නිර්මාණ ශිල්පයේ නොබෙල් ත්‍යාගය" ලෙස සැලකෙන ප්‍රිට්ස්කර් සම්මානය හිමිවිය. ඊට අමතරව ඔහු ජපානයේ වාස්තු විද්‍යා ආයතනයේ විශේෂ සම්මානය, රාජකීය ගෘහ නිර්මාණ ආයතනයේ රන් පදක්කම, මයිනිචි කලා සම්මානය සහ අසාහි ත්‍යාගයද ලබාගෙන ඇත.

125 Views

Comments