උතුරු කොරියාවෙන් ජපන් මුහුදට බැලස්ටික් මිසයිල 3ක්


මේවා ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) පිටතට වැටී ඇත.

.

උතුරු කොරියාව විසින් ජපන් මුහුදට බැලස්ටික් මිසයිල තුනක් එල්ල කර තිබේ.

මෙම මිසයිල කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ ආසන්නයේ ජපන් මුහුදට වැටී ඇති අතර ඒ ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) පිටත බව වාර්තා වේ.

මෙමගින් ගුවන් යානාවලට හෝ නැව්වලට කිසිදු හානියක් සිදුවී නොමැත.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි මිසයිල තුනම කිලෝමීටර් 100 ක උපරිම උන්නතාංශයකින් කිලෝමීටර් 350ක පමණ දුරක් පියාසර කර ඇත.

116 Views

Comments