බළලුන් මියයාමේ අභිරහස සොයා පරීක්ෂණ


උඩුකය සහ වලිගය නොමැති බළල් මළ සිරුරු 2ක් පොලිසිය  සොයාගෙන ඇත.

.

ඊයේ(30) උදෑසන 7:30 ට පමණ කාන්තාවක් විසින් ෂිගා ප්‍රාන්තයේ කුසට්සු නගරයේ කවහාරා හි අසල්වාසී නිවසක භූමියේ වළ දමා තිබූ තම බළලාගේ මළ සිරුර සොයාගෙන ඇත.

අදාල නිවසේ දොරටුව අසල මල් පාත්තිය වැඩෙමින් තිබීම ගැන සැකයක් ඇති වී ඇය ඒ පිළිබඳ පොලිසියට වාර්තා කර ඇත. 

පසුව නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී උඩුකය සහ වලිගය නොමැති ඇගේ බළලාගේ මළ සිරුර සොයා ගන්නා ලදී.

Kusatsu City හි වෙනත් පෞද්ගලික නිවසකද මේ ආකාරයෙන්ම බළලෙකුගේ මළ සිරුරක් පසුගිය 19 වනදා හමුවී ඇති අතර සිද්ධීන් දෙක අතර සබඳතාවය පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

115 Views

Comments