පාලමක් මත පින්තාරු කරමින් සිටි පුද්ගලයෙකු විදුලිසැර වැදී මරුට


අද(19) පෙරවරු 10:35 ට පමණ මෙය සිදුවී ඇත.

.

අද(19) පෙරවරු 10:35 ට පමණ කගෝෂිමා ප්‍රාන්තයේ සට්සුමසෙන්දායි නගරයේ Hisatsu Orange Railway Kamisenai සහ Sendai අතර පාලම මත පින්තාරු කිරීමේ වැඩ කරමින් සිටි පිරිමි සේවකයෙක් මිය ගියේය.  

ප්‍රාන්ත පොලිසියට අනුව අසල වැඩ කරමින් සිටි සගයෙකුට එක්වරම පිපිරුම් හඬක් ඇසී ඇති අතර අදාල පුද්ගලයා ඇද වැටී ඇති අතර ඔහුගේ ඇඳුම් ගිනිගෙන ඇති බව සොයා ගන්නා ලදී.  එම ස්ථානයට පැමිණි වෛද්‍යවරු ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව තහවුරු කළහ. 

ඒ ආසන්නයේ අධි බලැති විදුලි රැහැනක් දිවෙන අතර ඔහු විදුලි සැර වැදී මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

113 Views

Comments