මහජනයාගේ රුචිකත්වය booster  එන්නත ලබාදීමට අභියෝග කරයි


ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන්  ප්‍රභේදය  හමුවේ ජපානය තුළ  කොරෝනා වසංගතය නැවත හිස ඔසවා ඇති බැවින්

.

ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන්  ප්‍රභේදය  හමුවේ ජපානය තුළ  කොරෝනා වසංගතය නැවත හිස ඔසවා ඇති බැවින් එය පාලනයට  වහාම booster  එන්නත ලබාදීමට ජපාන රජය යුහුසුළු වන මොහොතක එය බලාපොරොත්තු වන තරම්  සාර්ථක වන බවක් පෙනෙන්නට නැත.

 

මෙයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන්නේ  තම පළමු හා දෙවන මාත්‍රා ලෙස ලබාගත් එන්නතට වඩා හාත් පසම  වෙනස් එන්නතක් තුන් වන මාත්‍රාව ලෙස ශරීරගත කර ගැනීමට  බොහෝ ජනයාගේ තිබෙන  අකමැත්ත හා බියයි.

 

එන්නත් වර්ග දෙකක් මෙලෙස ශරීරය තුළදී මිශ්‍රවීමෙන් පසුකාලීනව ඒවායේ අතුරු ප්‍රතිඵල ලෙස අහිතකර සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීමට සිදුවිය යැයි බොහෝ ජනයා තුළ බියක් පවතින බව සිදුකළ සමීක්ෂණ වලින් පැහැදිලි වී ඇත.

 

ජපානයේ  ජනගහනයට සාපේක්ෂව ඉතා අඩු ප්‍රතිශතයක් මේ වන විටත් booster එන්නත ලබාගෙන ඇති අතර  එය පැතිර යන omicron ප්‍රභේදය හේතුවෙන් සමස්ත රටටම විශාල බලපෑමක් එල්ල කරන බව විද්වතුන්ගේ මතයයි

147 Views

Comments