ජපානයේ කොවිඩ් එන්නත් ලබාගැනීම මන්දගාමී වෙයි


හැකි එක්මනින් එන්නත් ලබාගන්නා ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

.

දෙසැම්බර් 27 වන විට කොරෝනා වයිරසයේ Omicron ප්‍රභේදය සඳහා එන්නත් ලබාගැනිමේ අනුපාතය මන්දගාමී විය.

ඒ අනුව එන්නත් ලබාගෙන ඇත්තේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් පමණ විය.

මේ අනුව මෙම ශීත ඍතුවේ දී ආසාදනය පැතිරීම ඉහල යා හැකි බැවින් හැකි එක්මනින් එන්නත් ලබාගන්නා ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කැබිනට් ලේකම් කාර්යාලයේ ගණනයකට අනුව දෙසැම්බර් 27 වන විට රට පුරා මිලියන 44.12 ක ජනතාවක් එන්නත් කර ඇති අතර එන්නත් කිරීමේ අනුපාතය 35.0% ක් පමණි.  

මෙය පළමු මාත්‍රා දෙක සඳහා 80.4% වන අතර තුන්වන මාත්‍රාව සඳහා 67.7% කි.  

වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන් අතර අනුපාතය 58.9% ලෙස පවතින අතර තරුණ පරම්පරාව ඊටත් වඩා අඩුය. 

 

 

173 Views

Comments