Tantan චීනයට යැවීම කල් දැමේ


ඔහු මේ වනවිට කොබේ නගරෙයේ ඔජි සත්වෝද්‍යානයේ සිටියි.

.

කොබේ නගරෙයේ ඔජි සත්වෝද්‍යානයේ සිටින චීනයෙන් ගෙනෙන ලද "Tantan" නම් යෝධ පැන්ඩා චීනයට නැවත යැවීම වසරකින් දීර්ඝ කර තිබේ.

මේ සඳහා ජපානය චීන පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.

පැන්ඩාව නැවත යැවිය යුතු දිනය 2020 ජූලි වන නමුත් කොරෝනා අර්බුදය සහ ඔහුගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් මෙන්ම චීනයේ චෙංඩු වෙත සෘජු ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් ආපසු යැවීම මෙලෙස කල් දමා ඇත.  

මේ වසරේ මැයි සිට අගෝස්තු දක්වා චීන පශු වෛද්‍යවරුන් මෙම සත්වයාට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයටද පැමිණ තිබේ.

144 Views

Comments