ජපාන "බෙල්ලන්" මාෆියාව..


කුමමටෝ ධීවර ගම්මානය බෙල්ලන් නිෂ්පාදනය කර නගරයට සැපයීම අතින්...

.

කුමමටෝ ධීවර ගම්මානය බෙල්ලන් නිෂ්පාදනය කර නගරයට සැපයීම අතින් සමස්ත ජපානයේ ම නමක් දිනාගෙන සිටින ධීවර ගම්මානයකි. තත්වයෙන් උසස් රසවත් බෙල්ලන් නම්, ඒවා අනිවාර්යෙන්ම සැපයෙන්නේ කුමමොටෝ ගම්මානයෙන් බව ජපාන නාගරික වැසියන් හොඳින් දනී.

කෙසේ වෙතත් කුමමොටෝ ධීවර ප්‍රජාව පවසන්නේ, ඔවුන්ගේ ජීවන වෘත්තියට ද මරු පහරක් එල්ල වන බෙල්ලන් මාෆියාවක් දැන් ක්‍රියාත්මක වන බවයි. චීනයෙන් සහ  දකුණු කොරියාවෙන් ආනයනය කරනු ලබන තත්ත්වයෙන් බාල කුඩා බෙල්ලන් විශේෂ කුමමොටෝ  ග්‍රාමයේ නිෂ්පාදන බවට අඟවමින් නඟරයට සපයන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ඔවුන් පවසයි. කෙසේ වෙතත් කුමමොටෝ ප්‍රාන්ත රජය මෙම ජාවාරම මැඩලීමට කිහිපවිටක්ම උත්සාහ දරන ලද නමුත් ඒවා ව්‍යාර්ථ වී ගිය ගියේ, කුමමොටෝ නිශ්පාදන නතර කර තිබෙන මොහොතේ පවා නගරයේ වෙත මෙම කූට නිෂ්පාදන සැපයුම් මාර්ග ඔස්සේ සපයා තිබීම හේතුවෙනි.

185 Views

Comments