චීනයේ ඔත්තු බැලීමේ යානයක් ජපන් අහසේ


එම යානය නැගෙනහිර චීන මුහුදේ සිට පියාසර කර ඇත.

.

චීන හමුදාවේ ඔත්තු බැලීමේ වර්ගයේ "WZ7" ඩ්‍රෝන යානයක් ඊයේ(01) උදෑසන ඔකිනාවා අවට ගුවන් සීමාවේ පියාසර කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.  

කෙසේවෙතත් එම යානාව ජපන් ගුවන් සීමාව උල්ලංඝනය කිරීමක් සිදු නොවීය.  

නැගෙනහිර චීන මුහුදේ සිට පියාසර කළ මෙම ඩ්‍රෝන යානය ඔකිනාවා ප්‍රධාන දූපත සහ මියාකෝ දූපත අතර ගමන් කර පැසිෆික් සාගරයේදී ජපන් ආරක්ෂක අංශයට දිස්විය.

පසුව සකිෂිමා දූපත් වලට දකුණින් පියාසර කිරීමෙන් පසු එය ආපසු හැරී එම මාර්ගයේම පියාසර කර නැගෙනහිර චීන මුහුදට ආපසු ගොස් ඇත.

91 Views

Comments