කනගාවා ප්‍රාන්තයේ Yamato හි පොලිසිය විසින් 56 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු 41 හැවිරිදි සුළු පුත්‍රයා ඝාතනය කිරීමට තැත් කල බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Katsumi Enomoto නම් සැකකරු පසුගිය සෙනසුරාදා රාත්‍රී 11 ට පමණ තම සුළු පුතුගේ බඩට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැතකර තිබේ.
පසුව අසල්වාසීන් විසින් තුවාලකරුව රෝහල් ගත කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් පැවසුවේ ඔහුගේ තුවාලය ජීවිතයට තර්ජනයක් නොවන බවයි.
මෙම පුද්ගලයින් දෙදෙනා අතර ඇති වූ ප්‍රශ්නයට හේතුව කුමක්ද යන්න පිළිබඳව Enomoto සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.