සිය 73 හැවිරිදි බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 72 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ඉරිදා අලුයම 2 ට පමණ නිදා සිටි ඔහුගේ බිරිඳ කෙයිකෝට මාරාන්තික ලෙස පිහියෙන් ඇන ඇති බව වාර්තා වේ.
පසුව ඇයව රෝහලකට ගෙන ගිය අතර එහිදී මියගොස් ඇත.
පොලිසිය පැවසුවේ සැකකරු ඒ වන විට බීමතින් සිටි බවත් බිරිඳ සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බවත් ය.