කාමර සගයාව ගෙල සිරකර මරාදැමීමට තැත් කල අයෙක් අත්අඩංගුවට


93 හැවිරිදි පුද්ගලයෙකු විසින් තම රෝහල් කාමරය බෙදාගත් 85 හැවිරිදි පිරිමි රෝගියෙකුව ගෙල සිරකර ඝාතනය කිරීමට තැත්කර තිබෙනවා.

.

Kagawa ප්‍රාන්තයේ Kanoji හි පොලිසිය විසින් 93 හැවිරිදි පුද්ගලයෙකු විසින් තම රෝහල් කාමරය බෙදාගත් 85 හැවිරිදි පිරිමි රෝගියෙකුව ගෙල සිරකර ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට අනුව Kagawa ප්‍රාන්තයේ Mitoyo හි ජීවත් වන Kozo Miyoshi නම් අදාල සැකකරු රාත්‍රී 1 ට පමණ තම කාමර සගයාගේ ගෙල සිර කර ඇත.කෙසේවෙතත් දැනට සිහිසුන්ව සහ අසාධ්‍ය තත්ත්වයේ පසුවන වින්දිතයා මරා දැමීමට පෙර මයෝෂි නැවැත්වීමට කාර්ය මණ්ඩලයට හැකි විය.

පොලිසිය පැවසුවේ මියෝෂි චෝදනාව පිළිගෙන ඇති නමුත් එසේ කිරීමට හේතුව සඳහන් කර නොමැති බවයි.

 

130 Views

Comments