සිද්ධස්ථානයකින් මුදල් සොරකම් කල අයෙක් අත්අඩංගුවට


ඔහු 60 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

සිද්ධස්ථානයක පරිත්‍යාග පෙට්ටියකින් මුදල් සොරකම් කළ බවට සැකපිට 60 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයකු ෂිසුඕකා ප්‍රාන්තයේ ගොටෙම්බා හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට අනුව මෙම පුද්ගලයා පරිත්‍යාග පෙට්ටියේ තිබූ කාසි යෙන් 1,000 ක් පමණ සොරකම් කළ බව පිළිගෙන ඇති අතර ඔහුට ආහාර සඳහා මුදල් අවශ්‍ය බව පවසා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

 

142 Views

Comments