හිටපු බිරිඳ ඝාතනයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට


හිරෝෂිමා ප්‍රාන්තයේ Akitakata නගරයේ පොලිසිය විසින් 36 හැවිරිදි තම පෙර බිරිඳ ඝාතනය කළ 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංග??

.

හිරෝෂිමා ප්‍රාන්තයේ Akitakata නගරයේ පොලිසිය විසින් 36 හැවිරිදි තම පෙර බිරිඳ ඝාතනය කළ 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

 

Fuji TV වාර්තා කළ පරිදි Ryozo Kumagaya නම් මෙම පුද්ගලයා Nami නම් හෙදියක් ලෙසින් සේවය කළ මෙම කාන්තාව ඇයගේ දෙමව්පියන් ගේ නිවස ඉදිරිපිට දී පසුගිය සෙනසුරාදා සවස හයට පමණ කුසට පිහි ඇනුමක් සිදුකර මරා දමා ඇත. ඇයගේ පවුලේ ඥාතීන් විසින් මේ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇය රෝහල් ගත කිරීමෙන් පැය තුනකට පමණ පසුව ඇය මිය ගොස් තිබුණි.

 

 

මෙම දෙදෙනා පසුගිය දින 2019 වර්ෂයේ දික්කසාද වී ඇති අතර එහෙත් එම වර්ෂයේ ඔක්තෝම්බර් මස සිට Ryozo Kumagaya නම් පුද්ගලයා අදාළ කාන්තාවගේ නිවස අසල ගැවසෙමින් ඇයට අනිසි බලපෑම් කරන්නට තැත් කරන්නේ යැයි ඇයගේ පවුලේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

147 Views

Comments