කාන්තාවක් කොල්ලකෑමට උත්සාහ කල අයෙක් සොයා පරීක්ෂණ


අදාල සැකකරු ඔහු 60 හැවිරිදි වියෙහි පසුවන බව විශ්වාස කෙරේ

.

අද(05) අලුයම 5:40 ට පමණ යොකොහාමා හි මියාගාවා-චෝ නකා-කු හි වීදියක තනිව ගමන් කරමින් සිටි 36 හැවිරිදි Maebashi හි කාර්යාල සේවිකාවකට පුද්ගලයෙකු විසින් පිහියක් පෙන්වා මුදල් පසුම්බිය දෙන්නැයි තර්ජනය කර තිබේ.

එම අවස්ථාවේදී කාන්තාව කෑගසන විට පුද්ගලයා පලා ගොස් ඇති අතර කාන්තාවට හානියක් නොවීය.

අදාල සැකකරු ඔහු 60 හැවිරිදි වියෙහි පසුවන බව විශ්වාස කරන අතර ගෙතුම් තොප්පියක් පැළඳ සිට ඇත.

සැකකරු සොයා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

133 Views

Comments