ජපාන හා ඇමරිකානු ඇමතිවරුන් අතර හමුවක්


මෙම හමුව එලඹෙන 11 වනදා වොෂින්ටනයේදී පැවැත්වෙන බව එක්සත් ජනපද රජය ඊයේ(05) නිවේදනය කළේය. 

.

ජපානයේ සහ එක්සත් ජනපදයේ විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් එලඹෙන 11 වනදා වොෂින්ටනයේදී පැවැත්වෙන බව එක්සත් ජනපද රජය ඊයේ(05) නිවේදනය කළේය.  

2021 මාර්තු මාසයෙන් මෙවැනි සාකච්ඡාවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

මේ අනුව ජපාන විදේශ අමාත්‍ය හයාෂි සහ ආරක්ෂක අමාත්‍ය හමාඩාද එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බ්‍රින්කන් සහ ආරක්ෂක ලේකම් ඔස්ටින්ද මේ සඳහා සහභාගී වීමට නියමිතය.  

එමෙන්ම හමාඩා සහ ඔස්ටින් 12 වැනිදා තනි තනිවද හමුවීමට නියමිත බව වාර්තා වේ.

87 Views

Comments