ඉගෙනීම අහිමි වූ යුක්‍රේන දරුවන් වෙනුවෙන් සිදුකළ අධ්‍යාපන සත්කාරය


යුක්‍රේන දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාමට ජපානයෙන් උදව් ලැබේ

.

ජපානයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් විසින් යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය මධ්‍යයේ ඉගෙනීමේ අවස්ථාව අහිමි වූ  දරුවන්ට උපකාර කිරීම වෙනුවෙන් අධ්‍යාපනික ගණිත වීඩියෝ උඩුගත කිරීමේ ව්‍යාපෘතියක් යුක්‍රේන භාෂාවෙන් දියත් කර තිබේ .

 

ජාත්‍යන්තර දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වූ සංගමය Kyoto අධ්‍යාපන විශ්ව විද්‍යාලය, Ritsumeikan විශ්ව විද්‍යාලය, Osaka විශ්ව විද්‍යාලය සහ අනෙකුත් ආයතනවල පර්යේෂකයන් අට දෙනෙකුගෙන් සමන්විත වන අතර ප්‍රාථමික පාසල් මට්ටමේ අංක ගණිතය කෙරෙහි අවධානය යොමු කරමින් වීඩියෝ 50කට ආසන්න ප්‍රමාණයක් නොමිලේ නිකුත් කර ඇත. ඉදිරි වසර තුළ උසස් පාසල් මට්ටමේ ගණිතය ඇතුළුව සම්පූර්ණ වීඩියෝ 580 ක් දරුවන් අතරට බෙදා හැරීමේ අරමුණින් යුක්තව සමූහය කටයුතු කරනු ලබයි. 

 

දැනට පවතින ජපන් වීඩියෝ 580ක එකතුව යුක්‍රේන භාෂාවට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන බැවින් කණ්ඩායම ජපන් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන යුක්‍රේන සිසුන්ගෙන් පරිවර්තන කටයුතු වලට උදව් කරන ලෙස ඉල්ලා තිබේ . ජපන් භාෂාව දන්නා යුක්‍රේනයේ පෞද්ගලික සමාගම් සහ යුක්රේන ජාතිකයන් ද මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇත.

Comments