අනතුරක් සිදුකර පලාගිය අයෙක් අත්අඩංගුවට


සැකකරු Saga City හි පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.

.

Kagawa ප්‍රාන්ත පොලිසියේ Takamatsu Kita පොලිස් ස්ථානය විසින් Saga City හි 54 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ(05) රාත්‍රී 10:30 ට පමණ ටකමට්සු නගරයේ කිටාමාචි හි  පදික මාරුවක් හරහා ගමන් කරමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවියක් අනතුරට ලක් කර පලා යෑම සම්බන්ධයෙනුයි.

අනතුරට ලක් වූ සිසුවියගේ ස්මාර්ට් ජංගම දුරකථනය ගැටීමේ වේගය හේතුවෙන් මෝටර් රථයේ වහලය මත තිබී ඇති අතර එමගින් සැකකරු සිටින ස්ථානය සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

 

145 Views

Comments