නෞකාවකින් වැටුණු පුද්ගලයෙකු බේරා ගැනේ


ඔහු 46 හැවිරිදි නෞකා ටැංකි කාර්ය මණ්ඩල සාමාජිකයෙකි.

.

ඊයේ(06) පෙරවරු 9.45 ට පමණ ඉෂිකාවා ප්‍රාන්තයේ Kaga City වෙරළට ඔබ්බෙන් වූ ටොන් 998ක් බරැති Rebunmaru 5 නෞකාවෙන් 46 හැවිරිදි පුද්ගලයෙක් වැටී ඇත.

පැයකුත් මිනිත්තු 40 කට පමණ පසු කනසාවා වෙරළාරක්ෂක බලකායේ මුර යාත්‍රාවකින් පුද්ගලයා බේරාගෙන ප්‍රාන්ත මධ්‍යම රෝහල වෙත ප්‍රවාහනය කරන ලදී.  

ප්‍රවාහනය කරන විට ඔහු සිහියෙන් සිට ඇති අතර හයිපෝතර්මියාවෙන් පෙළුණු බව වාර්තා වේ.

ඔහු නෞකා ටැංකියක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන ඇත.

111 Views

Comments