ජපානයේ උතුරු ප්‍රදේශ වල තවත් ධාරානිපාත වර්ෂාවක් අපේක්ෂා කෙරේ.


ජපානයට තවදුරටත් නොනවත්වා වැසි වසී

.

ජපානයේ කාලගුණ බලධාරීන් පවසන්නේ අඩු පීඩන පද්ධතියක් සමග ඉදිරියේදී උතුරු ප්‍රදේශ වලට තවදුරටත් ධාරානිපාත වර්ෂාවක් ඇති විය හැකි බවයි.

 

කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ සඳුදා සහ අඟහරුවාදා දිනවල ඊසානදිග Tohoku කලාපය, Hokkaido, Niigata ප්‍රාන්තය සහ Hokuriku කලාපයට අස්ථායී වායුගෝලීය තත්ත්වය හේතුවෙන් ධාරානිපාත වර්ෂා සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එලෙසම ඇතැම් ප්‍රදේශවලට පැයට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසිද අපේක්ෂා කෙරේ.

 

නාය යෑම්, ගංඟා ඉදිමීම, ගංවතුර, අකුණු සැර වැදීම සහ ටොනේඩෝ ඇතුළු සුළි කුණාටු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඒජන්සිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Comments