පෙබරවාරි යනු ඇමරිකාවේ හදවත් මාසයයි.බොහෝ දෙනා පවසන පරිදි අප කැමැති ආහාර මිනිසාගේ හෘද වාහිනී පද්ධතියට සුභ දායක ලෙස ලබා ගැනීමට සිතිය හැකි හොඳම කාලය මෙයයි . ඒ අනුව මෙම මාසයේ ඇමරිකානුවන්ට මෙන්ම ලෝකවාසී ජනතාවට ද අර්තාපල් පිළිබඳ සුබ ආරංචියක් ගෙන ඒමට හැකි ව තිබේ. ඒ අර්තාපල් හදවත ආරක්ෂා කරන බවයි.
වෛද්‍යවරුන් පවසන ආකාරයට අර්තාපල් වල ඇති පොටෑසියම් බහුලතාවය සහ අඩු සෝඩියම් සාන්ද්‍රණය හේතුවෙන් බොහොමයක් හෘද රෝගවලට හේතුවන අධි රුධිර පීඩන තත්වයන් වළකාලයි. අර්තාපල් යනු දැරිය හැකි මිලකට ලබාගත හැකි බොහෝ දෙනා ප්‍රිය කරන ආහාරයක් බැවින් මෙය හදවත් සෞඛ්‍යය රැකගනිමින් තම ප්‍රියතම ආහාර වට්ටෝරු ලබා ගත හැකි අවස්ථාවකි.