වසර 50 කට පමණ ඉහත දී Kansai නගරයේ ආරම්භ වුනු Kaiten-zushi අවන්හල් මේ වන විට ආහාරපාන ක්ෂේත්රයේ දැවැන්ත නමක් දිනාගෙන සිටි. ඔවුන්ගේ ප්‍රධාන භෝජන මත්ස්‍ය ආහාර මූලික කරගෙන සාදන බැවින් සාමාන්‍ය අවන්හලකට වඩා මෙම අවන්හල් ජාලයේ මිල ගනන් මදක් අධිකය.
කෙසේ වෙතත් මේ වන විට අධික මිල ගණන් යටතේ වුවද පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි ඔවුන්ගේ ආහාර වේල සකසා මෙම අවන්හල් ජාලය පසුබට වී ඇත. ඊට ප්‍රධාන හේතුවක් නම් ලෝ පුරා සිදුවන කාලගුණ විපර්යාස හේතුවෙන් මත්ස්‍ය කර්මාන්තය අඩාල වී පැවතීමයි. එම හේතුවෙන් ඔවුන්ගේ ආහාර සකස් කර ගැනීමට අවශ්‍ය තරම් මත්ස්‍ය නිෂ්පාදන ඔවුන්ට මේ වන විට නොලැබෙන බව ආරංචි මාර්ග පවසයි.
මෙම නිසා එම අවන්හල් ජාලයට තම පාරිභෝගිකයන් තවදුරටත් ඔවුන් කෙරෙහි රඳවා තබා ගැනීම අභියෝගයක්ව පවතින බව බොහෝ දෙනාගේ අදහසයි.